News

Special statement from SLC : ACU confirms Sumathipala has no connection to gaming industry

Written by Pushpendra Albe

ACU confirms SLC President has no connections to Gaming Industry

Sri Lanka Cricket, today on 6th September, wishes to deny the malicious, defamatory and vicious articles and stories circulating via both mainstream and social media claiming that SLC President Hon. Thilanga Sumathipala is involved in the gaming industry.

We refer both generally to the allegations being instigated by interested parties through Facebook and Twitter, and specifically to the allegations contained in the news articles appearing on Sunday the 3rd September in the Ceylon Today and the Sunday Times under the headings “Sumathipala accepts connection to betting company” and “Is this the end of the innings for Sumathipala at SLC” respectively, and wish to clarify as follows.

The extracts of the court proceedings are quoted out of context and have been done maliciously whilst deliberately and unjustly suppressing the subsequent series of questions wherein Hon. Sumathipala clarifies that his admission is to the existence of a public perception that he and his family are involved in the gaming industry, and not that he is directly, or indirectly involved therein. (extract attached herewith)

The selected portion of the extract (and image) are deliberately and erroneously quoted out of context to create a perception that the said statement was made by Hon. Sumathipala recently, whereas the said statement was made in February 2011, long before his election as the President SLC in January 2016.

The said articles have been maliciously designed by quoting repealed laws and regulations and by suppressing material evidence in order to create an erroneous and defamatory perception in the minds of the general public.

Notwithstanding the above, Hon. Sumathipala was in full compliance with all applicable regulations in terms of the Sports Law and fully satisfied the eligibility criteria of the said regulations at the time of handing in his nominations for the post of President SLC in 2015,

The International Cricket Council (ICC) Executive Committee found Hon. Sumathipala to be in strict compliance with all applicable clauses under its Code of Ethics subsequent to a thorough investigation conducted by its Ethics Officer, prior to accepting him as a Director of the International Cricket Council.

Accordingly, it has been established beyond any doubt subsequent to due diligence by both the Ministry of Sport and the International Cricket Council that Hon. Thilanga Sumathipala has no connection whatsoever with the gaming industry either directly nor indirectly.

Furthermore, the Anti-Corruption Unit of SLC which operates under the ICC has confirmed that the allegations being levelled at Hon. Sumathipala with regard to connections with the gaming industry has no substance.

 

In consideration of the above we request the media to act with responsibility and fairness in their reporting, and to refrain from publishing such conjecture at the instigation of parties with vested interests.

The administration elected in January 2016 has made significant strides in bringing about stability to the organisation. Operating under a strategic 5 year Corporate Governance plan, the organisation has made a full recovery from its debt ridden status and is heading in the right direction with a professional approach. Heavy investment of finance and resources have been made into the cricketing area, which has been completely restructured to meet the demands of the sport in today’s highly competitive environment, and as with all restructuring, it will take time for the results to become tangible.

Therefore we appeal to the general public, to ascertain the truth and weigh the facts for themselves, and not be misled by the erroneous and malicious rumours that are being circulated by parties with personal agendas.

We kindly request all Editors to give this statement due publicity in the best interests of cricket in Sri Lanka, and to continue to uplift and support this game we hold so dear.

 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් විශේෂ ප්‍රකාශයක්.
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා සුදූ කර්මාන්තයට සම්බන්ධයක් නොමැති බව දුෂණ මර්ධන ඒකකය (ACU) තහවුරු කරයි.

සැප්තැම්බර් 6 වන දින, කොළඹදී

 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා වශයෙන් වර්තමානයේ කටයුතු කරන ගරු තිලංග සුමතිපාල මහතා සූදු කර්මාන්තයේ නිරතව සිටින බවට සඳහන් කරමින් මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය හා සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය සහ සංසරණය කරනු ලබන අපකීර්තිමත්, අපහාසාත්මක හා දුෂ්ට ලිපි සහ කථා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැඩිව ප්‍රතික්ෂේප කර සිටි.

ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා හට අපහාස කිරීමේ උනන්දුවක් දක්වන පාර්ශ්වයන් විසින් ෆේස්බුක් සහ ට්විටර් හරහා උසිගන්වන ලබන චෝදනා ගැනත්, විශේෂයෙන්ම 2017.09.04 දිනැති සිලෝන් ටුඬේ සහ 2017.09.03 දිනැති සන්ඩේ ටයිම්ස් පුවත්පත්වල පළවූ ලිපි වන “Is is the end of the innings for Sumathipala at SLC” සහ “Sumathipala accepts connection to betting company “පිලිබදව පහත දැක්වෙන පරිදි පැහැදිලි කිරීමට කැමැත්තෙමි.

සම්පුර්ණ අධිකරණ වාර්තාවේ සඳහන් කරුණු අතරින් තෝරාගත් කරුණු පමණක් පළකරමින් හිතාමතාම සහ අසාධාරණ ලෙස සත්‍ය කරැණු සඟවමින් සහ/හෝ අවනිශේදනය කරමින් පොදු මහජනතාව වෙතට වෙනස් වූ මතයක් ගෙන යාමේ උත්සහයක් මෙම ලිපි මගින් සිදු කර ඇති අතර, වැඩිදුර ප්‍රශ්න කිරීම් වලදී ගරු තිලංග සුමතිපාල මහතා ප්‍රකාශ කොට ඇත්තේ ඔහු සහ ඔහුගේ පවුලේ අය සුදු කර්මාන්තයේ නිරතව සිටින බවට වූ පිළිගත් පොදු මතයක් ජනතාව තුල පවතින බවත්, ඔහු සෘජු හෝ වක්‍රව එකී කිසිඳු සුදු ව්‍යාපාරයන් හට සම්බන්ධ වී නොසිටින බවයි. (අදාල කොටස උපුටා දක්වා ඇත)

උක්ත සඳහන් කල තෝරාගත් කොටස ගරු සුමතිපාල මහතා විසින් මෑතකදී සිදුකරන ලද්දක් බවට හුවා දැක්වීමේ උත්සහයක් ගෙන ඇති අතර, සත්‍ය වශයෙන්ම එම ප්‍රකාශයන් සිදු කර ඇත්තේ වර්ෂ 2011 පෙබරවාරි මස අදාල නඩුවේ සාක්ෂි දෙමින් වන අතර එනම් වර්ෂ 2016 ජනවාරි මාසයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ධූරයට පත්වීමට බොහෝ කලකට පෙරය.

ගරු තිලංග සුමතිපාල මහතා විෂයෙහි අපහාසාත්මක වන උක්ත කි පුවත්පත් ලිපි විකෘතිව නිර්මාණය කර ඇත්තේ අහෝසි කරන ලද ක්‍රීඩා නීති හා රෙගුලාසි මත පිහිටා බවත්, එමගින් සත්‍ය කරැණු සඟවා මහජනයාගේ සිත් තුළ වැරදි සහ අපහාසාත්මක හැඟීම් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා වෙත ඇති කිරීමට කටයුතු කර ඇත.

ඉහත සඳහන් කරැණු වලට අමතරව, ගරු තිලංග සුමතිපාල මහතා 2015 වර්ෂයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තනතුර සඳහා ඔහුගේ නාම යෝජනා භාර දීමේ දින වන විට එකී රෙගුලාසිවල සදහන් වූ සියලු සුදුසුකම් සපුරා සිටි අතර කිසිඳු නුසුදුසුකමකට භාජනය වී නොතිබිණ.

තවද, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) විධායක කමිටුව ගරු තිලංග සුමතිපාල මහතා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අධ්‍යක්ෂකවරයෙකු ලෙස පිළිගැනීමට පෙර එහි ආචාරධර්ම නිලධාරියා විසින් පවත්වන ලද පරිපූර්ණ පරීක්ෂණයකින් පසු එහි ආචාර ධර්ම සංග්‍රහය යටතේ අදාල සියළුම අදාල වගන්තිවලට ගරු සුමතිපාල මහතා අනුකුලතාවය දක්වන බවට පිළිගෙන ඇත.

ඒ අනුව ක්‍රීඩා අමාත්‍යංශය සහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් සිදුකරනු ලැබූ නිසි පරීක්ෂණ වලින් අනතුරුව ගරු තිලංග සුමතිපාල මහතා සූදු කර්මාන්තය සඳහා සෘජුව හෝ වක්‍රව හෝ සම්බන්ධයක් නොමැති බවට කිසිදු සැකයකින් තොරව තහවුරු වී ඇත.

තවද, ගරු සුමතිපාල මහතා හා සුදු කර්මාන්තය අතර පවතින යැයි චෝදනා කරනු ලැබූ සබඳතා පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පූර්වයෙන් සලකා බලනු ලැබූ නිර්ණායකයන් පූර්ණ ලෙස තෘප්තිමත් කර සිටියදී, මින් පෙර විසඳූ කරුණක් සම්බන්ධයෙන් නැවත පරීක්ෂණයක් අවශ්‍ය නොවන බව වැඩිදුරටත් පෙනී යයි.

ඉහත කාරණා සැලකිල්ලට ගනිමින් වාර්තාකරණයේ වගකීම හා සාධාරණත්වය ඉටු කරනු වස් විවධ පර්ශවයන්වල පෙළඹවීම් හරහා සිදුකරන අනුමානයන් හා පුරෝකථනයන් පළකිරීමෙන් හා ප්‍රකාශයට පත් කිරීමෙන් හා එමගින් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට සිදුකරන හානියෙන් වැලකි සිටීමට කටයුතු කරන ලෙස අපි ඉල්ලා සිටිමු.
2016 ජනවාරි මස තේරී පත්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වර්ථමාන පාලනාධිකාරය, ශ්‍රී ලංකා ක්‍රිකට් හි පැවති අස්ථාවරත්වය ප්‍රතිනැංවීමේ කටයුතු කරමින් මේ වන විට එහි සැලකිය යුතු ප්‍රගතියක් අත් කරගෙන ඇත. වර්තමානයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වසර 5 ක ආයතනික පාලන සැලැස්මක් යටතේ ක්‍රියාත්මක වන අතර, පැවති ණය බරෙන් මේ වන විට පුර්ණ ව ප්‍රකෘර්තීමත් වී ඇත. තවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෘත්තීය මාර්ගෝපදේශනයක් සහිතව නිවැරදි දිශාවට මේ වන විට ගමන් කරයි. වර්තමානයේ පවතින තරඟකාරී පරිසරය තුළ ඇති ඉල්ලුම සපුරාලීමට සම්පූර්ණයෙන්ම ප්‍රතිව්‍යුහගත කර ඇති ක්‍රිකට් ක්‍රීඩාව සඳහා විශාල මුදල් ආයෝජනයක් හා සම්පත් විශාල වශයෙන් යොදවා ඇති අතර ඒවායේ ප්‍රථිපල දෘශ්‍යමාන වීම සඳහා යම් කාලයක් අවශ්‍ය වේ.

ඒ අනුව, පෞද්ගලික න්‍යාය පත්‍රයන් මගින් පටු අරමුණු මුදුන් පමුණුවා ගැනීමේ පරමාර්ථයෙන් සහ ඔවුන්ගේ ආත්මාර්ථකාමී අභිප්‍රායයන් වෙනුවෙන් ක්‍රියාත්මක වන වැරදි හා ද්වේශ සහගත කටකතා සහ විවිධ පළකිරීම් සහ ප්‍රචාරයන් මගින් නොමඟ නොයා සත්‍ය කරුණු මත කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මහජනතාවගෙන් ඉල්ලා සිටි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ යහපත වෙනුවෙන් සෑම මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍යයක් විසින්ම මෙම ප්‍රකාශයට නිසි ප්‍රචාරය ලබාදෙන ලෙසත්, ජාත්‍යන්තරය ඉදිරියේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට වන අපකීර්තිය සහ හානිය වළක්වාලමින් අප දැඩිව ආදරය කරන ක්‍රිකට් ක්‍රීඩාව නගා සිටුවීමට සහායදීමට කටයුතු කරන ලෙසත් කාරුණිකව ඉල්ලා සිටී.

About the author

Pushpendra Albe

Leave a Comment